SinhalaSriLanka

මීගමුව පුරවරයෙන් දෙරණට පෑයූ පුංචි තරුව ” මෙතින් ජයසූරිය “

පසුගියදා නිමාවට පත්වූ , දෙරණ රූපවාහිනී නාලිකාව මගින් පැවැත්වූ
Derana Little Star Season 7 තරගාවලියේ  12න් පහළ නර්තන අංශයෙන් දිවයිනේ ජනප්‍රියතම තරුව ලෙස කිරුළ පැලැන්දීමට මෙතින් ජයසූරිය සමත් විය.නර්තනයට උපන් හපන්කම් දක්වන මේ පුංචි තරුව තවමත් වයස අවුරුදු 10ක සිගිත්තෙකි.

Read more: මීගමුව පුරවරයෙන් දෙරණට පෑයූ පුංචි තරුව ” මෙතින් ජයසූරිය “

මීගමුවේ අහමදියා දේවස්ථානයේ රාමාසාන් යැදුම්

මීගමුවේ අහමදියා මුස්ලිම් සංවිධානයට අයත් දේවස්ථාන දෙකක් තිබෙන අතර ඔවුන් විසින් පෙර පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. ජූනි මස 19 වනදායින් ඇරඹුණ රාමසාන් උපවාසය වෙනුවෙන් දිනපතා  අහමදියා දේවස්ථානයේ යාඤාවන්  සහ විශේෂ දේශන පැවත්වෙයි.   අහමදියා මුස්ලිම් දේවස්ථානයේ දී  රාමසාන් වෙනුවෙන් පැවැත්වෙන උපවාසය අවසන් කළ අවස්ථාව ඡායාරූප වල දැක්වේ.

Read more: මීගමුවේ අහමදියා දේවස්ථානයේ රාමාසාන් යැදුම්

” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..

මීගමුව බස්නාහිර පළාතේ, ගම්පහා දිස්ත්‍රිකයේ පිහිටි අලංකාර  නගරයකි.
උතුරේ මා  ඔය ගංගාවද දකුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලද බස්නාහිර පළාතේ ඉන්දියන් සාගරයද ,නැගෙනහිරට කටාන ප්‍රදේශයද මායිම් ලෙස විශේෂයෙන් සදහන් කරන්න පිළිවන්ය.
මීගමුවේ  මුස්ලිම්වරු බහුලව ජිවත්විමට ඉතිහාසගත කරුණු බොහෝ ඇත. මුස්ලිම්වරු   මීගමුව තෝරාගන්නාවු හේතු සාධක ගැනද දැනගැනීම  කාලීනව මතුවන අවශ්‍යතාවයකි.
මීගමුව මුස්ලිම්වරුන්ගේ පෙර පරම්පරාවන්ට මුල් වෙන්නේ  අරාබිවරුන්ය.

Read more: ” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..

අහමදියා කාන්තාවන්ගේ පණිවිඩය

මුස්ලිම් කාන්තාවන් කියූ පමණින්ම අපගේ මතකයට එන්නේ සමාජය තුළ ඔවුන්ට ආවේනික සංස්කෘතියක් මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර , වැළදගත් පිරිසක්. ඔවුන් අදින පළදින ආකාරය මෙන්ම සමාජය තුළ හැසිරෙන ආකාරය වෙනස්.  නමුත් වර්ථමානය වන විට විවිධ නිකායන්ට අයත් මුස්ලිම් ජාතිකයන් අතර විවිධ ආකාරයේ වෙනස් කම් දැකගන්නට අපට පුළුවන්. ඒ වෙනස කාන්තාවන්ටත් පොදුයි.

Read more: අහමදියා කාන්තාවන්ගේ පණිවිඩය

වලිසිංහ හරිශ්වන්ද්‍ර ‍කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ අවුරුදු උලෙළ

මීගමුව මහහුණුපිටිය වලිසිංහ හරිශ්වන්ද්‍ර ‍කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ වාර්ෂික අවුරුදු උලෙළ මැයි (09) වන දින එම පරිශ්‍රයෙදි පැවත්වුණි. එම අවුරුදු උලෙළ සංවිධානය කර තිබුණේ එම ආයතනයේ පරිපාලනය වන අතර  ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ වාසනා අනුරාධී මෙනවිය විසිනි. මෙහිදි අවුරුදු ක්‍රීඩා රැසක් පැවත්වු අතර තරග ජයග්‍රාහිකයින් හට තෑගි ප්‍රධානය කෙරුණි. ආරධිතයන් රැසත් සභභාගි වූහ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස  සුගතාරාම විහාරාධිපති කොම්පොළ සුගත විමල තෙරණුවන් වහන්සේ විසින් පොල්තෙල් පහණ දල්වා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කළහ. මෙයට එම සංස්කෘතික කෙන්ද්‍රයේ නර්ථන ආචාරිණි , සංගිත ආචාර්ය ,එම ශිෂ්‍යාවන්  සහ දෙමාපියන් ද, ප්‍රාදේශිය මන්ත්‍රිවරුන්ද, ප්‍රදේශවාසින්ද සහභාගිවිය.

Read more: වලිසිංහ හරිශ්වන්ද්‍ර ‍කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ අවුරුදු උලෙළ

201335
Last Update: 29-07-2015

Copyright © 2017 Negombo Heritage. All Rights Reserved.